Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ලොව වටා

Facebook, Google සහ Twitter වෛරසය පිළිබද ව්‍යාජ තොරතුරු මර්දනය කරයි

Facebook, Google සහ Twitter වෛරසය පිළිබද ව්‍යාජ තොරතුරු මර්දනය කරයි

FACEBOOK (FB) ආයතනය විසින් කොරොනා වෛරසය  “සුව කිරීම්” සහ වෙනත් ඔප්පු නොකළ න්‍යායන් පිළිබඳ ව්‍යාජ ප්‍රකාශයන් ඉවත් කිරීමට පටන්ගෙන ඇතිබවට එම සමාගමේ සෞඛ්‍ය පිළිබද ප්‍රධානී කැන්ග්-ෂින් ජින් ( Kang-Xing Jin) පසුගිදා නිවේදනය කර තිබෙනවා.

ඔහු විසින් විසින් බ්‍රහස්පතින්දා ප්‍රකාශයට පත් කරන ලද බ්ලොග් සටහනකට අනුව FACEBOOK සමාගම විසින් “ප්‍රමුඛ ගෝලීය සෞඛ්‍ය සංවිධාන සහ ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් විසින් සලකුණු කර ඇති ව්‍යාජ තොරතුරු හෝ උපකල්පන ඇතුලත් අන්තර්ගත ඉවත් කරනු ඇති බවට ප්‍රකාශ කර ඇත.

“ව්‍යාජ සුව කිරීම් හෝ වැළැක්වීමේ ක්‍රමවලට අදාළ” හෝ “පවතින සෞඛ්‍ය සම්පත් පිළිබඳ ව්‍යාකූලත්වයක් ඇති කරන” තොරතුරු ද මෙම ඉවත් කිරීමට අදාල වන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

Twitter සහ Google ද මේ සතියේ තම පරිශීලකයින්ට මෙම විෂය පිළිබඳ සත්‍යාපිත ප්‍රභවයන් (verified sources) වෙත මග පෙන්වීම සඳහා ගන්නා උත්සාහයන් වේගවත් කර ඇත.

Google සමාගම බ්‍රහස්පතින්දා නිවේදනය කළේ මිනිසුන් කොරොනා වෛරසය පිළිබඳ තොරතුරු සොයන විට එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ යාවත්කාලීන කිරීම් විශේෂ දැන්වීමක් ලෙස ලබා දෙන බවයි.

ගූගල් සමාගමට අයත් යූ ටියුබ්, මිනිසුන් වෛරසය පිළිබඳ ක්ලිප් සෙවූ විට විශ්වාසදායක ප්‍රභවයන්ගේ වීඩියෝ පලකරන බව පැවසන අතරම මහජන සෞඛ්‍ය ප්‍රවීණයන් හෝ ප්‍රවෘත්ති ආයතන වැනි විශ්වාසදායක පරිශීලකයින්ගේ සෙවුම් ප්‍රතිඵල හෝ ඊළඟට කුමන වීඩියෝ නැරඹිය යුතුදැයි යෝජනා කරන පැනල් වල අන්තර්ගතය වෙත එය විශේෂයෙන් යොමු කරන බව සමාගම පවසයි.

Twitter සමාගමට බදාදා නිවේදනය කලේ වෛරසය සොයන පරිශීලකයින්ට රෝගය පිළිබඳ නිල තොරතුරු ඇති නාලිකා වෙත ප්‍රථමයෙන්ම යොමුකිරීම ආරම්භ කරන බවයි. නිදසුනක් ලෙස, එක්සත් ජනපදයේ, Twitter පරිශීලකයින් රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන (Centers for Disease Control and Prevention) වෙත යොමු කරයි, අතර “කරුණු දැනගන්න” ලෙස ශීර්ෂපාඨ ප්‍රදර්ශණ කරන බව තව දුරටත් නිවේදනය කරයි.

මෙම නව ක්‍රියාන්විතය එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, හොංකොං, සිංගප්පූරුව සහ ඕස්ට්‍රේලියාව ඇතුළු ස්ථාන 15 ක ක්‍රියාත්මක වන අතර “අවශ්‍යතාවය මත අනෙකුත් ස්ථාන සදහා ව්‍යාප්ත වනු ඇත” යනුවෙන් සමාගම බ්ලොග් සටහනක සඳහන් කරයි.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *