පාස්කු ප්‍රහාරයෙන් තුවාල ලබා සිටි තරුණියක් මාස 9 කට පසු මියයයි

කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට පාස්කු ඉරිදා දිනයේදී එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලබා රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි නීරීන් ෆ්ලොරීඩ් නැමැති 26 හැවිරිදි තරුණියක් පෙරේදා (29) මියගොස් තිබේ. ඇය යාපනයේ පදිංචි අවිවාහක තරුණියකි. පාස්කු ප්‍රහාරයෙන් මාස නවයකට පසු ඇය මෙසේ මියගොස් තිබේ. එම තරුණිය කොටහේන ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලක සේවය කරමින් සිටි අයෙකි.

බෝම්බ ප්‍රහාරයෙන් ඇගේ දෑස්වලට දැඩි හානි සිදුව ඇති අතර කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඇයව පසුව රාගම රෝහල වෙත මාරු කර යවා තිබේ. එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මෙසේ මියගොස් ඇත.

මේ අනුව පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව 260 ක් වන අතර බරපතල තුවාල ලැබූ තවත් කිහිපදෙනෙකු රෝහල් කීපයක ප්‍රතිකාර ලබන බවට වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *