COVID-19 අරමුදලට අමාත්‍ය මණ්ඩලයේ මාසික වැටුප පරිත්‍යාග කෙරේ

අමාත්‍ය මණ්ඩලයේ මාසයක වැටුප COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට පිරිනැමීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එකගත්වය පළ කළ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආරම්භ කළ එම අරමුදලට අමාත්‍ය මණ්ඩලයේ එක් මාසයක වැටුප පරිත්‍යාග කිරීමේ යෝජනාව තමන් අද (23) දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරිපත් කළ බවත් අනතුරුව අග්‍රාමාත්‍යවරයා එම යෝජනාව ක්‍රියාත්මක කිරීමට එකගත්වය පළ කළ බවයි අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *