රටේ ඇතිවී තිබෙන වත්මන් තත්වය මත ළමා මනසට ඇති ප්‍රශ්නවලට අගමැතිගෙන් පිළිතුරු

එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) විසින් දරුවන් සම්බන්ධ කරගනිමින් සංවිධානය කර ඇති විශේෂ වැඩසටහනකට සමගාමීව වත්මන් ව්‍යසනකාරී තත්වය නිසා ළමා මනසට බලපා ඇති ප්‍රශ්ණවලට පිළිතුරු ලබාදීම සදහා ශ්‍රී ලංකාව වෙනුවෙන් දරුවන්ට සමීප රාජ්‍ය නායකයෙකු ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තෝරා ගෙන තිබේ.

ඒ අනුව වර්තමානයේ මෙරට මුහුණ දී ඇති තත්වය පිළිඹද තමාට ඇති ගැටළු සම්බන්ධයෙන් වයස අවුරුදු 18ට අඩු ඕනෑම දරුවකුට තම ගැටළුව තත්පර 10ක වීඩියෝවක් ලෙස පටිගත කර අග්‍රාමාත්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමේ හැකියාව ලැබේ.

එලෙස පටිගත කළ වීඩියෝව ෆේස්බුක් පණිවිඩයක් ලෙස අග්‍රාමාත්‍ය මහන්ද රාජපක්ෂ මහතාගේ නිල ෆේස්බුක් පිටුව ඔස්සේ යොමු කිරීමේ අවස්ථාව සලසා තිබේ. මෙහිදී එම ප්‍රශ්ණ වලට අග්‍රාමාත්‍යවරයා විසින් ලබාදෙන පිළිතුර අග්‍රාමාත්‍යවරයාගේ නිල ෆේස්බුක් පිටුව ඔස්සේම නිකුත් කිරීමට කටයුතු කරනු ලැබේ.

සමාජ මාධ්‍ය ඔස්සේ ගැටළු ලබා ගැනීමට දැනටමත් ආරම්භ කර ඇති අතර අදාළ ගැටළු අද රාත්‍රී 12ට පෙර යොමු කරන ලෙසටත් අග්‍රාමාත්‍ය කාර්යාලය දන්වා සිටී

එම වීඩියෝව පටිගත කිරීමට පහත පියවර අනුගමය කරන්න

1. ආලෝකමත් ස්ථානයක් තෝරා ගන්න
2. ඔබගේ දුරකථනය හෝ පරිගණක කැමරාව සහ මුහුණ අතර දුර ප්‍රමාණය අඩුකර, මුහුණට සමාන්තරව තබාගන්න
3. පටිගත කිරීම අවසන්වන තෙක් ඔබගේ ඉරියව්ව එක් ආකාරයකින් තබාගන්න
4. ඔබගේ වීඩියෝව තප්පර 10කට සීමා කරන්න
5. ෆේස්බුක් පණිවිඩයක් ලෙස මෙම ගිණුමට ඔබගේ වීඩියෝව යොමු කරන්න.

එමෙන්ම ඔබගේ ගැටළුව පහත පිටපතට අනුව පටිගත කරන්න

1. ආයුබෝවන් ගරු අගමැතිතුමණි,
2. මගේ නම………….(මුල් නම පවසන්න)
3. මගේ වයස…………
4. මගේ ගම…………..
5. මාගේ ගැටළුව……..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *