Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ
ප්‍රවෘත්ති

COVID-19 අරමුදලේ ශේෂය රුපියල් මිලියන 878 දක්වා ඉහළට

COVID-19 අරමුදලේ ශේෂය රුපියල් මිලියන 878 දක්වා ඉහළට

තිස්සමහාරාම සඳගිරි උභය රාජමහා විහාරාධිපති මාතර කඳබඩපත්තුව ඇතුළු හම්බන්තොට පළාතේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය දේවාලේගම ධම්මසේන හිමියෝ රුපියල් මිලියන 1.5ක මුදලක් අද (29) දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පරිත්‍යාග කළහ.

මේ අතර ශ්‍රී ලංකා ගුවන් සේවයේ විධායක සංගමය රුපියල් මිලියනයක් සහ Generation Next Communication Lanka (Pvt) Ltd ආයතනය රුපියල් මිලියන 02 ක් අරමුදලට පරිත්‍යාග කළ අතර එම චෙක්පත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් ජනාධිපතිතුමා වෙත භාර දෙනු ලැබිණ. පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයීය ගුරු සුභසාධක සංගමය රුපියල් දෙලක්ෂ පනස්දහසක් සහ ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා වෘත්තිකයන්ගේ සංගමය රුපියල් මිලියන 02ක් ජනාධිපතිතුමා වෙත පරිත්‍යාග කළහ. එම අවස්ථාවට අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ද එක් විය. ETI ගණුදෙනු පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති කොමිසමේ සභාපති කේ.ටී. වික්‍රමසිංහ මහතා පරිත්‍යාග කළ මුදල රුපියල් අසූ එක්දහසකි.

ඒ අනුව ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ සෘජු තැන්පතු සමඟ COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය දැන් රුපියල් මිලියන 878 ඉක්මවයි.

ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ අංක 85737373 දරණ විශේෂ ගිණුමට පරිත්‍යාග බැර කෙරේ. දෙස් විදෙස් පරිත්‍යාගශිලීහූ ගිණුමට දායක වී සිටිති. නීත්‍යානුකූල ගිණුම් මගින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල් බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කර ඇත. චෙක්පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මුදල් තැන්පත් කිරීමට පිළිවන.

එමෙන්ම දුරකථන අංක 011 – 2354479 / 011 – 2354354 ඔස්සේ අධ්‍යක්ෂ ජනරාල් (පරිපාලන) මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කේ.බී. එගොඩවෙලේ මහතා අමතා වැඩි විස්තර දැන ගැනීමට හැක.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *