LK reports news sinhala

අයිඑස් ත්‍රස්ත නායකයා මියගියාද?

ISIS නායකයාටඅයිඑස් ත්‍රස්ත සංවිධානයේ නායක අබු බකර් අල් බක්දාදි ඇමරිකා ප්‍රහාරයකින් මියගොස් ඇතැයි වාර්තාවේ.

වයඹ දිග සිරියාවේ දී අමෙරිකානු හමුදාව විසින් සිදුකරන ලද මෙහෙයුමකින් ඉස්ලාමිය රාජ්‍ය සංවිධානය හෙවත් ISIS නායක අබු බකර් අල්-බැග්ඩාඩි මියගොස් ඇති බවට විශ්වාසදායක ආරංචි මාර්ග තහවුරු කර සිටින බව CNN පුවත් සේවය වාර්තා කර සිටිනවා.

ඇමෙරිකානු භට පිරිස් ISIS නායකයා සැඟවී සිටි ස්ථානය ඉලක්ක කර ගනිමින් සිදුකළ මෙහෙයුමේදී ඔහු විසින් තමා සතුව තිබු මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයක් පුපුරුවා ගෙන සියදිවි හානිකරගෙන ඇති බවද ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

අමෙරිකාවේ ආරක්ෂක අංශ නිලධාරියෙක් උපුටා දක්වමින් CNN ප්‍රවෘත්ති සේවය සඳහන් කරන්නේ හමුදා ප්‍රහාරයෙන් මියගියේ ISIS නායකයා ද යන්න බව අවසන් නිගමනය සඳහා ඔහුගේ සිරුරේ DNA හා ජෛවමිතික පරීක්ෂණ සිදුකිරීමට නියමිත බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *