ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට පත් වුවහොත් ධර්මාශෝක පාලනයක් ඇතිවන බව අමෙරිකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය වල්පොල පියනන්ද හිමියෝ පවසති..
අපවත් වී වදාල පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ සිව්වැනි ගුණානුස්මරණය වෙනුවෙන් කෝට්ටේ ශ්‍රී නාග විහාරයේ පැවති දානමය පිංකමකදී උන්වහන්සේ මේ බව සඳහන් කළහ.
‘‘රට බේරාගන්න පුළුවන් බය වෙන්න දෙයක් නෑ. බොරුවලට අහුවෙන්න හොඳ නෑ. නාග විහාරය සම්බන්ධයෙන්ද හිටපු ඇමැතිවරයෙක් බොරුවක් කිව්වා. ගෝඨාභය රාජපක්ෂ හොඳ දක්ෂ අයෙක්. ගුණ තිබෙනවා. හැම ආගමකටම ගරු කරන කෙනෙක්. දූෂණයට නාස්තියට ඉඩ දෙන්නේ නෑ.‘‘ යනුවෙන්ද උන්වහන්සේ පැවසූහ.
මේ රටේ ශාසනවිරෝධී වැඩ, සමහර අය සංඝයාට කරන අපහාස ගැන ද එහිදී අදහස් දැක්වූ හිමිවරු පැවසූහ.
රට ජාතික ආගම ආරක්ෂා කරගැනීමට සියලු සංඝයා එක්විය යුතු බව කුඹුරුගමුවේ වජිර හිමියෝ පෙන්වා දුන්හ.