Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ක්‍රීඩා

2021 විස්සයි 20 ලෝක කුසලානයට ක්‍රීඩාංගණ නම් කරයි

2021 විස්සයි 20 ලෝක කුසලානයට ක්‍රීඩාංගණ නම් කරයි

2021 වසරේ ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලානය ක්‍රිකට් තරගාවලිය තරග සඳහා ක්‍රීඩාංගණ ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් නිවේදනයකර තිබේ.

ඊට ක්‍රීඩාංගණ 9ක් ඇතුළත් වන අතර පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මේ වසරේදී ඉන්දියාවේදී පැවැත්වීමට කටයුතු සංවිධානයකර ඇත.

ඒ අනුව මුම්බායි, දිල්ලි, චෙන්නායි, කොල්කටා, බැංග්ලෝර්, හයිද්‍රාබාද්, ධරම්සාලා, ලක්නව් සහ අහමදාබාද් යන ක්‍රීඩාංගණ වෙන්කර ඇති අතර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය නරේන්ද්‍ර මෝදී ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය තීරණයකර තිබේ.

කෙසේවෙතත් තරගාවලියේ තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ පිළිබඳ අවසන් තීරණය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ගැනීමට නියමිත බව වාර්තා වේ.

මේ අතර මේ වසරේදී ඉන්දියාවේ පැවැත්වීමට නියමිත විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන පාකිස්තාන ක්‍රීඩකයින්ට අපහසුතාවයකින් තොරව අවශ්‍ය වීසා නිකුත් කිරීමට ඉන්දීය රජය තීරණයකර තිබේන බව වාර්ථා වේ.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *