යක්කු ගෝඨාට lankacenews lk reports

රිෂාඩ් හකීම් කියන යක්කු 2020 ට ගන්න එපා.අලි සබ්රිගෙන් ගෝඨාට අවවාද..

ඔය යක්කු 2020  දී ගාව ගන්නවත් එපා.

ඔය රිෂාඩ් ඔය හකීම් නැතිව සිංහල ජනතාවයි මුස්ලිම් ජනතාවයි එකතුවෙලා අපි දිනනවා. දින්නට පස්සේ ආය නම් ඔය යක්කු  ගාව ගන්නවත් එපා. 2020
අපට ඕනේ, අපේ ඇඟේ ප්‍රගතිශීලී ලේ දුවන ශ්‍රී ලාංකීය මුස්ලිම් නායකත්වයක් බිහි කරන්න මිසක ජාතිවාදී මුස්ලිම් නායකත්වයට ඉඩ දෙන්න එපා. ඒක මහා පිළිලයක්.

ජනාධිපති නීතිඥ  අලි සබ්රි මහතා මෙම අදහස් පළකලේ ගොටභය රාජපක්ෂ මහතා සමඟින් මුස්ලිම් ගම්මානයක පැවැත් වූ රැස්වීම දීය. එහි දී තවදුරටත් අදහස් දැක් වූ එතුමා මෙසේ ද ප්‍රකාශ කලේ ය.

එක සිද්ධියකින් මනින්න එපා

හැම වෙලාවේම එක සිද්දියක් අරගෙන අවුරුදු දහයක පාලනය කෙටිකරලා දක්වන්න හොඳ නැහැ. ඒක අසාධාරණයි. ඒක වැරදියි. අපි දන්නවා අලුත්ගම යම් සිදුවීමක් සිද්ධ වුනා. ඒක සිදු නොවිය යුතුව තිබුණා. ඒක වළක්වා ගන්න තිබුණා. නමුත් අමතක කරන්න එපා. ඒක සිද්ධ වෙච්ච වෙලාවේම පැය විසි හතරක් ඇතුළත ඒක පාළනය කළා. මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා ඒ සිද්ධිය සිද්ධ වෙද්දී හිටියේ රට. එතුමා ආපු ගමන් ඒ ස්ථානයට ගියා. වෙනම හමුදා කණ්ඩයක් එතන තියලා සම්පුර්ණ ගෙවල් සේරම හදලා දුන්නා.

unp එක මොනවද කලේ. ගින්තොට වෙච්ච සිද්ධියේ දී අම්පාර වෙච්ච සිද්ධියේ දී දිගන වෙච්ච සිද්ධියේ දී මිනුවන්ගොඩ වෙච්ච සිද්ධියේ දී කුලියාපිටිය වෙච්ච සිද්ධියේ දී මේක උඩු දුවන්න දීලා උඩ බලාගෙන හිටියා. උඩු දුවන්න දීල කියනවා ඒකට පොහොට්ටුව සම්බන්ද්ධයි ලු. තමන්ගේ ආණ්ඩුව නම් තමන්ගේ පොලීසිය නම් තමන්ගේ අගමැති නම් බැරි නම් දීලා යන්නට ඕනි අනිත් මිනිස්සුන්ට බොරුවට වගකීම පවර පවර ඉන්නට බැහැ.

මහා ජාතිය නැතිව රටක් දියුණු කරන්න බැහැ

අනිත් එක එකක් මතක තියාගන්නට ඕනි. ලෝකේ කිසිම රටක් මහා ජාතියේ ආශිර්වාදය නැතිව මහා ජාතියේ කැමැත්ත නැතිව, දියුණු කරලා නැහැ. මේ අවුරුදු පහ තුළ ඔබ දකින්න ඇති. අපි කැමති වුනත් අකමැති වුනත් මිලිනයන 9.5ක් ඒ කියන්නේ සමස්ථ චන්ද වලින් 74.5% තියෙන්නේ සිංහල චන්ද. සිංහල බෞද්ධ සහ සිංහල කතෝලික චන්ද. ඒ චන්ද වලින් මේ වනවිටත් ජනතාව තීරණය කරලා ඉවරයි මම හිතන විදිහට 65% ක් 70% ක් ගොටභය රාජපක්ෂ මහත්තයා ට ලබා දෙනවා කියලා. එහෙනම් අපි හිතන්න ඕනි මේ ජයග්‍රහණයේ කොටස් කාරයෝ වෙන්න.

අපි බලාපොරොත්තු වෙන්නේ ඔබතුමන්ගෙන් එක දෙයයි. අපිට ඕනි කොහොම හරි මේ රටේ ආරක්ෂාව සනාථ කරලා දෙන්න. මුස්ලිම් ,සිංහල හෝ වේවා දෙමළ හෝ වේවා සියළු අන්තවාදයන් පරද්දලා රටේ නීතියේ ආධිපත්‍ය සුරක්ෂිත කරලා දෙන්න. ඔය රිෂාඩ් ඔය හකීම් නැතිව සිංහල ජනතාවයි මුස්ලිම් ජනතාවයි එකතුවෙලා අපි දිනනවා. දින්නට පස්සේ ආය නම් ඔය යක්කු ගාව ගන්නවත් එපා. අපේ ඇඟේ ප්‍රගතිශීලී ලේ දුවන ශ්‍රී ලාංකීය මුස්ලිම් නායකත්වයක් බිහි කරන්න මිසක ජාතිවාදී මුස්ලිම් නායකත්වයට ඉඩ දෙන්න එපා. ඒක මහා පිළිලයක්. video 

මේ අතර ගෝඨාභය මහතා ජනාධිපතිවරනයේදී මුස්ලිම් ජනතාවගේ සහයෝගය ලබා ගැනීමට මේ දිනවල කටයුතු කරන අතර එහි යම් සාර්ථකත්වයක් ද මේ වනවිට පෙන්නුම් කරනු ලබයි.  2020

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *