Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

හිටපු හමුදාපතිත් ජනපතිවරණ සටනට එයි

හිටපු හමුදාපතිත් ජනපතිවරණ සටනට එයි

2019 සිය ජනාධිපති ධූර අපේක්ෂකයා ලෙස හිටපු යුද හමුදාපති ජනරාල් මහේෂ් සේනානායක තරග වදින බව ‘ජාතික ජනතා ව්‍යාපාරය’ විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුණි.

‘ජාතික ජනතා ව්‍යාපාරය’ රට පුරා විසිරුණු විවිධ ක්‍ෂේත්‍රයන් ආවරණය කරනු ලබන සිවිල් සංවිධාන විස්සක(20) සම පාර්ශ්වකාරීත්වයෙන් නිර්මාණය කරන ලද සංවිධානයකි.

මහේෂ් සේනානායක ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව නිවේදනය කරන ලද්දේ අද (29)කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවති සමුළුවකදීය.

‘දේශෝදය ව්‍යාපාරය’ සහ ‘ඒකාබද්ධ වෘත්තීයවේදීන්ගේ ව්‍යාපාරය’ යන සංවිධාන දෙක සමාරම්භක සාමාජිකයන් වූ ‘ජාතික ජනතා ව්‍යාපාරය’ හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ සහ රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු නියෝජ්‍ය පර්යේෂණ අධ්‍යක්ෂ අජිත් කොලොන්නේ වැනි ක්‍රියාධරයන් නියෝජනය කරන සංවිධානයක් ලෙස පසුගිය කාලසීමාව තුළ දේශපාලන කරළියට පැමිණෙමින් තිබුණි.

හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ සහ රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු නියෝජ්‍ය පර්යේෂණ අධ්‍යක්ෂ අජිත් කොලොන්නේ යන දෙදෙනාගෙන් එක් අයකු සිය ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන බව මුලදී ප්‍රකාශ කළත්, පසුගිය අගෝස්තු මාසයේ යුද හමුදාපති ධුරයෙන් සමුගත් ජනරාල් මහේෂ් සේනානායක ඒ සඳහා ඉදිරිපත් කිරීමට ඔවුන් දෙදෙනාගේත් සහයෝගය ඇතිව ‘ජාතික ජනතා ව්‍යාපාරය’ පසුව තීරණය කරන ලද බවත් ප්‍රකාශ විය.

“මේක සාමූහික තීරණයක්”
නීතියේ ආධිපත්‍යය සහතික කිරීම, නාස්තිය සහ දූෂණය පිටුදැකීම සහ රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම යන කරුණුවලට මූලිකත්වය ලබා දෙමින් රට දීර්ඝකාලීන වැඩපිළිවෙලකට යොමු කිරීම ජාතික ජනතා ව්‍යපාරයේ බලාපොරොත්තුව බව එහි සංවිධායකයෝ ප්‍රකාශ කළහ.

රට තුළ ඇති සාම්ප්‍රදායික දේශපාලන ක්‍රමය සම්පුර්ණයෙන් වෙනස් කිරීමේ අරමුණින් “ජාතියේ ජනාධිපති අපේක්ෂකයා” ලෙස ජනරාල් මහේෂ් සේනානායක ඉදිරිපත්කරන බව ජාතික ජනතා ව්‍යාපාරයේ නායකයෝ සමුළුව අමතමින් කියා සිටියහ.

“මෙතැන දේශපාලකයන් නැහැ. මෙතැන ඉන්නේ ස්වේච්ඡාවෙන් මේ රට වෙනස් කරන්න එක්වුන පිරිසක්. මේක මගේ තීරණයක් නෙවෙයි. සාමුහික තීරණයක්.” ජනරාල් මහේෂ් සේනානායක සමුළුව අමතමින් කියා සිටියේය.

“මේ රට වැටී තිබෙන සහ වැටෙන්නට යන අගාධයෙන් බේරගන්න ගොඩනගපු සංවිධාන සමූහයක්, කුඩා කුඩා විකල්ප කණ්ඩායම් එක තැනකට ගේන්න මම ඉදිරිපත් වෙනවා – ඔබලාගේ ස්වාධීන අපේක්ෂයා ලෙස” ජනරාල් මහේෂ් සේනානායක වැඩිදුරටත් සඳහන් කළේය.

“මෙය මේ රට රැකගන්න තියෙන අවසන් අවස්ථාව. මාත් සමග මෙතැන කිසිම හොරෙක් නැහැ- වංචනිකයෙක් නැහැ – යල් පැනපු ව්‍යවස්ථා වෙනස් කරන්න ඕන. ඒ සඳහා දැනටමත් පිඹුරුපත් සකසා තිබෙනවා. එක රටක් තුළ එක නීතියක් ගේන්න මේ කණ්ඩායම කටයුතු කරනවා.” ජනරාල් මහේෂ් සේනානායක පැවසීය.

මහින්ද රාජපක්ෂ රජය 2010 වසරේ දී ඔහු යුද හමුදාවෙන් ඉවත් කරන ලද අතර, 2015 බලයට පත් රජය විසින් ඔහු යළි යුද හමුදාවට කැඳවනු ලැබුණි.

එක්සත් ජාතික පක්ෂය විසින් සජිත් ප්‍රේමදාස සහ ශ්‍රී ලංකා පොදු පෙරමුණ විසින් ගෝඨාභය රාජපක්ෂ ඔවුන්ගේ ජනාධිපති ධූර අපේක්ෂකයන් ලෙස නම් කරනු ලැබ ඇති අතර, අනුර කුමාර දිසානායක ජාතික ජන බලවේගය නියෝජනය කරමින් තරග වදින බව ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.

ඊට අමතරව රොහාන් පල්ලෙවත්ත සහ නාගානන්ද කොඩිතුවක්කුද ජනාධිපතිවරණයට තරග වදින බව දැනටමත් ප්‍රකාශ කර ඇති සෙසු පුද්ගලයෝ වෙති.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *