ගෝඨා අත්අඩංගුවට ගැනීමට අනිසි බලපෑම් කළ ඇමැතිවරු හෙළිවෙයි

ඇවන්ගාඩ් පාවෙන අවිගබඩාව සම්බන්ධ සිද්ධියට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අතඅඩංගුවට ගන්නා ලෙස අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න හා පාඨලී චම්පික රණවක තමාට බලපෑම් කළ බව හිටපු සොලිස්ටර් ජනරාල් සුහද ගම්ලත් මහතා පවසයි.
සතිඅන්ත පුවත්පතකට සම්මුඛ පරීක්ෂණයක් ලබාදෙමින් ඔහු මේ බව කියා ඇත.
මෙම බලපෑම්වලට යට නොවී ක්‍රියා කිරීම හේතුවෙන් සුදුසුකම් තිබියදී පවා තමාට නීතිපති තනතුර ලබාගැනීමට නොහැකිවූ බවද සුහද ගම්ලත් මහතා පවසයි.
අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරිය වන දිල්රුක්ෂි ඩයස් කියා ඇතිදේ සම්පූර්ණ සත්‍යයක් බවත් ඇගේ හා තමාගේ වෙනස නම් දිල්රුක්ෂි ඩයස් බලපෑම්වලට යටත් වීමත් තමා යටත් නොවීමත් බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇත.

(Image – Daily News)

Leave a Reply

Your email address will not be published.