Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

20වැනි ව්‍යවස්ථා සංශෝධන නිසා සිදුවන වෙනස්කම්

20වැනි ව්‍යවස්ථා සංශෝධන නිසා සිදුවන වෙනස්කම්

පසුගියදා පාර්ලිමේන්තුවේ සම්මත වූ 20වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කථානායකවරයා අත්සන් තැබීමෙන් පසු එය වලංගු නීතියක් බවට පත්වන අතර මෙම සංශෝධනයත් සමඟ ව්‍යවස්ථාමය වෙනස්කම් කිහිපයක් සිදුවෙයි.

අමාත්‍ය මණ්ඩලය පත්කිරීමේදී ජනපතිවරයා අගමැතිවරයාගේ උපදෙස් මත සිදුකළ යුතුය යන්න 19න් ඇතුළත් කර තිබූ වගන්තිය අහෝසි වනඅතර, ඒ අනුව ජනපතිට අගමැතිවරයා හා ඇමතිවරුන් තම අභිමතය පරිදි පත්කිරීමට බලය පැවරේ.

එමෙන්ම යම් අමාත්‍යධුර විෂයක් තමා යටතේ තබාගැනීමටද ජනාධිපතිවරයාට බලය හිමිවෙනු ඇත.

අගවිනිසුරු , ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් , අභියාචනාධිකරණ සභාපති හා එහි විනිසුරුවරුන්, නීතිපති, පොලිස්පති, විගණකාධිපති හා ඔම්බුඩ්ස්මන් යන රජයේ ඉහළ නිලතලවලට පුද්ගලයන් පත්කිරීම මින් ඉදිරියට පාර්ලිමේන්තුවේ නිරීක්ෂණවලට යටත්ව ජනාධිපතිවරයා වෙත පැවරෙනු ඇත.

මෙතෙක් තුනක්ව පැවති මැතිවරණ කොමිසමේ සාමාජිකයන් සංඛ්‍යාව පහක් ලෙස සංශෝධනය කර තිබෙන අතර ජනපතිට එම සාමාජිකයන් පත්කිරීමටත්, ඉන් අයකු සභාපති ලෙස පත්කිරීමටත් බලය පැවරෙයි.

පාර්ලිමේන්තුව පත්වී වසර හතරහමාරක්ගත වනතුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහැකි බවට වූ 19යෙහි වගන්තිය සංශෝධනයකර පාර්ලිමේන්තුවට වසර දෙකහමාරක් සම්පූර්ණ වූ පසු එය විසුරුවා හැරියහැකි ලෙස ජනපතිට බලය පවරා තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මින් ඉදිරියට අහෝසි වන අතර ස්වාධීන කොමිෂන් සභාවලට සාමාජිකයන් පත්කිරීමට තිබූ අයිතියද අහෝසි වී ඒ වෙනුවට පාර්ලිමේන්තු සභාව හඳුන්වා දී තිබේ.

ද්විත්ව පුරවැසිභාවය ජනාධිපතිවරණයට හෝ පාර්ලිමේන්තු මැතිවරණයකට තරගකිරීමට නුසුදුසුකමක් ලෙස පැවති බාධාවද ඉවත් කෙරුණි.

දෙපාර්තමේන්තු ප්‍රධානීන් පත්කිරීමේ බලය 20වැනි සංශෝධනය මගින් කැබිනට් මණ්ඩලය වෙත පැවරා තිබේ.

මේ අතර මෙතෙක් 11ක්ව පැවති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව 17ක් දක්වාත්, 12ක්ව පැවති අභියාචනාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව 20 දක්වාත් ඉහළ නැංවීම 20 වැනි සංශෝධනයෙන් සිදු කෙරුණු අතර එම පත්කිරීම් සිදුකිරීමේ බලධාරියා වශයෙන් ජනාධිපතිවරයාව නම් කර තිබේ.

කෙසේවෙතත් 19වැනි සංශෝධනයෙන් ජනපති ධුර කාලය උපරිම වසර පහක් ලෙස සහ උපරිම වාර ගණන දෙකක් ලෙස පනවා තිබූ සීමාවත්, කැබිනට් අමාත්‍යධුර ගණන උපරිමය 30ක් සහ නියෝජ්‍ය අමාත්‍ය ධුර ගණන උපරිමය 40ක් වශයෙන් පනවා තිබූ සීමාවත් නොවෙනස්ව තැබෙනු ඇත.

මීට අමතරව සම්මත කරගැනීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය වන කිසිදු යෝජනාවක් 20වැනි සංශෝධනයට ඇතුළත් කර නොමැත.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *