සති අන්තන්යේ සංචරණය සීමා කරන්න, නිවාසවලට වී සිටින්න – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

සෙනසුරාදා, ඉරිදා වැනි සති අන්ත නිවාඩු දිනවල සංචරණය සීමා කර නිවාසවලට වී සිටින්නැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඉල්ලා සිටියි.

ආසාදිතයින් බොහෝ ප්‍රදේශවලින් වාර්තා වී ඇති බැවින් විශේෂයෙන් නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල සංචරණය සීමා කරන ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකශකවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ වනවිට පොලිස් බල ප්‍රදේශ 49ක නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක වෙයි. මෙලෙස ක්‍රියාත්මක කර තිබෙන නිරෝධායන ඇදිරි නීතිය කඩ කරන්නන් හා ධාවනය කරන වාහනද පොලිස් භාරයට ගන්නා බවත්පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *