පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරූ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ගොණුකර ඇති විශේෂ පෙත්සම් විභාග කිරීම අද (29) සිට ආරම්භවීමට නියමිතයි.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් විභාග කෙරේ. එම විනිසුරු මඩුල්ලට බුවනෙක අලූවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ද අයත්.
අදාළ පෙත්සම් ගොනුකර ඇත්තේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ප්‍රකාශ කරන ලෙසට ඉල්ලමිනි. ඊයේ පස්වරුව වනවිට ගොණුකර තිබූ සමස්ත පෙත්සම් සංඛ්‍යාව 39 ක් දක්වා ඉහළ ගොස් තිබිණි.