රාජසන්තක කෙරූ කහ තොග ළගදීම වෙළෙඳපොළට

නීතිවිරෝධීව ආනයනය කරන ලද කහ රාජසන්තක කර ඉදිරියේදී වෙළෙඳපොළට නිකුත් කිරීමට කටයුතු යොදන බව කුඩා වැවිලි භෝග වගා සංවර්ධන ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ අනුව සතොස සහ සමුපකාර සමිති මගින් ඒවා වෙළෙඳපොළට නිකුත් කෙරෙනු ඇති.

මේ වන විට නීතිවිරෝධිව අපනයන කරන ලද කහ කිලෝග්‍රෑම් දසලක්ෂ හැටඅටදහස් තුන්සිය දාහතරක් (1,068,314) තිබෙන අතර එම කහ තොගය ලබන දෙසැම්බර් මාසය දක්වා රටේ පරිභෝජනයට භාවිතා කළ හැකි බවත් එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.

රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසන්නේ මෙරට වගා කරන ලද කහ අස්වනු ජනවාරි මාසයේදී ලැබීමට නියමිත බවත්, ජනවාරි මාසයෙන් පසු රට තුළ කහ අර්බුදයක් උද්ගත නොවනු ඇති බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *