20ට එරෙහි පෙත්සම් ඉදිරිපත් කිරීම ලබා දුන් කාලය හෙටින් අවසන්

පසුගිය 22 වැනිදා අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනයේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක්කිරීමට ලබා දුන් කාල සීමාව හෙටින් අවසන් වේ. දින 07ක කාලයක් ඊට එරෙහිව පෙත්සම් ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින අතර එම කාල සීමාව හෙටින් අවසන් වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනයට එරෙහිව මේ වනවිට සමගි ජන බලවේගය, දෙමළ ජාතික සන්ධානය හා සිවිල් සංවිධාන ඇතුලු පාර්ශ්ව කිහිපයක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 18ක් ගොනු කර තිබේ.

පෙත්සම්වලට අදාළ තීරණය ‍ශ්‍රේෂ්ඨාධිකරණයට විසින් දින 21ක් ඇතුළත ඉදිරිපත් කිරීමට කළ යුතු අතර අදාළ කාලසීමාව තුළ මෙම කෙටුම්පත සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනිමට පාර්ලිමේන්තුවට හැකියාවක් නොමැති බවද සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *