පාතාලය මඩින මෙහෙයුමෙන් අවි ආයුධ හා පුපුරණ ද්‍රව්‍ය සමග සැකකරුවන් අත්අඩංගුවට

පාතාලය මර්දනය කිරීමට රටපුරා සිදු කරන මෙහෙයුම් යටතේ අවිආයුධ සහ පුපුරණ ද්‍රව්‍ය සමග තවත් පුද්ගලන් කිහිපදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී වෙන්නප්පුව, ලූණුවිල ප‍්‍රදේශයේදී බෝර 12 පතරොම් 102 ක්, පාවිච්චි කරන ලද බෝර 12 හිස් පතරොම් කොපු 35 ක් කුඩා යකඩ බෝල අඩංගු පෙට්ටි 24 ක්, කඩු 06 ක්, පිහි 4 ක් එහි කොපු 4 ක්ද සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් පැවසුවේ වයස අවුරුදු 23 ක් වන පුද්ගලයෙකුද මෙහිදී අත්අඩංගුවට ගැණුනු අතර වැඩිදුර විමර්ශන සදහා සැකකරු අවි ආයුධද සමග වෙන්නප්පුව පොලීසියට භාරදුන් බවයි.

මේ අතර ගල්කිස්ස කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී ගල්කිස්ස, පිරිවෙන පාරේ තිබියදී උණ්ඩ රැසක් සොයාගෙන තිබේ. එම උණ්ඩ කාණුවක දමාගොස් තිබියදී සොයා ගෙන තිබෙන අතර එම පාර්සලයේ තිබී මිලිමීටර් 9 වර්ගයේ ජීව උණ්ඩ 50 බැගින් අඩංගු පෙට්ටි 02 ක් , බෝර 12 ජීව උන්ඩ 04 ක් සොයා ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *