Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

Rapid Test Kit පරීක්ෂණය අසමත්ද?

Rapid Test Kit පරීක්ෂණය අසමත්ද?

ලිවර්පූල්හි සිදුකල පරීක්ෂණවලින් අනාවරණයවී ඇත්තේ, PCR පරීක්ෂණවලින් හදුනාගත් ආසාදිතයින්  දස දෙනෙකුගෙන්, රෝගීන්ගෙන් 05ක් පමණක් මෙම Rapid Test Kit හෙවත් වේගවත් කෝවිඩ් පරීක්ෂණවලින් හදුනාගැනීමට හැකි වු බවයි.

මීට පෙර සිදුකල රසායනාගාර යෝග්‍යතා ඇගයීම් වලදී, Rapid Test Kit හෙවත් වේගවත් කෝවිඩ් පරීක්ෂණ වලින්  පුද්ගලයෙකු තුළ වෛරසය ඉහළ මට්ටමේ පැවතුනද, ආසාදනවලින් සියයට 5 ක් හදුනා ගැනීමට අපොහොසත් වන බවට සදහන්ය.

පර්යේෂකයන් අතින් සිදුවන අත්වැරදීම් වලට (Human Error)  අමතරව පාලිත පරිසරයක රසායනාගාර පරීක්ෂණ සිදු කිරීම මෙම විෂමතාවයට හේතුව විය හැකි බව එම වාර්තා වල සදහන්වේ.

නමුත් රසායනාගාර හී අධ්‍යනය සිදුකරන PCR පරීක්ෂණ ලෝකයේ රන් ප්‍රමිතිය හෙවත් Gold Standard පරීක්ෂණය ලෙස සලකනු ලබන අතර, කොවිඩ් -19 රෝග ලක්ෂණ ඇති පුද්ගලයින් හට සිදු කල හැකි හොදම පරීක්ෂණය එය ලෙස හදුනාගෙන ඇත.

තවද එන්ගලන්ත රජයේ දත්ත වලට අනුව මෙම PCR පරීක්ෂණ අති සාර්ථක බවට පෙන්වා දී ඇත.

“මෙම Rapid Test Kit පරීක්ෂණය කොවිඩ් හදුනා ගැනීම සඳහා සුදුසු නොවේ” යැයි බර්මින්හැම් විශ්ව විද්‍යාලයේ ජෛව විද්‍යාත්මක විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් සහ කොවිඩ් -19 පරීක්ෂණ පිළිබඳ කොක්රාන් සහයෝගීතා පර්යේෂණයේ නායක ජෝන් ඩීක්ස් පැවසීය.

ඔහු තවදුරටත් පවසා ඇත්තේ Rapid Test Kit හෙවත් වේගවත් කෝවිඩ් පරීක්ෂණය  දිගින් දිගටම අසමත්වීම් පෙන්වන්නේ නම් මෙය වහාම භාවිතයෙන් ඉවත් කල යුතු බවයි.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *