ශිෂත්ව විභාග සමත් සිසුන්ට පාසල් ඉල්ලුම් කිරීමට දෙසැම්බර් 10 දක්වා අවස්ථාව

පසුගිය ශිෂත්ව විභාගයේ කඩයිම් ලකුණු පසු කල සිසු සිසුවියන් හට 2021 වර්ෂයේ 06 ශ්‍රේණියට ඇතුලත් වීම සඳහා නව පාසැල් ලබාදීමට අයදුම්පත් කැඳවීමට මෙලෙස දෙසැම්බර් 10 තෙක් කල් ලබා දී ඇත.

මෙම අයදුම් කිරීම් වලට අදාළ සියලු අයදුම්පත් සහ උපදෙස් පත්‍රිකා අදාළ පාසලේ විදුහල්පති මගින් ලබා හැකි අතර ඒවා දෙසැම්බර් 10යට පෙර පුරවා විදුහල්පතිට හෝ අදාල විශයභාර ගුරුවරයාට ලබා දිය යුතුය.

මෙම අදාල අයදුම් පත්‍ර පාසැල් වෙත ලබා ගැනීමට නිර්දේශිත සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සියලු  කලාප කාර්යාල නිල්ධාරින්ට සහ විදුහල්පතිවරුන්ට උපදෙස් ලබාදී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *