Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

කලහ කරපු අය අවිගබඩාව කැඩුවානම් ලොකු විනාශයක් වෙනවා. “මහර බන්ධනාගාර අධිකාරී ජගත් වීරසිංහ”

කලහ කරපු අය අවිගබඩාව කැඩුවානම් ලොකු විනාශයක් වෙනවා. “මහර බන්ධනාගාර අධිකාරී ජගත් වීරසිංහ”

මහර බන්ධනාගාර නොසන්සුන්කාරී තත්වයට හේතුව පාතාල කල්ලි කිහිපයක් අතර ඇතිවූ ගැටුමක් බවත් ඔවුන්ගේ බලාපොරොත්තුව වූයේ කෙසේ හෝ අවි ගබඩාව කඩා ආවුද අතට ගැනීම වුවත් එය නිශ්ථල කිරීමට තමා හා තම නිළධාරින් හට හැකි වූ බව මහර බන්ධනාගාර අධිකාරී ජගත් වීරසිංහ මහතා පැහැදිළි කළේය.

“මේ සිද්ධිය ඇති වුණේ එදා 4ට 4.30ට විතර. ඒ අවස්ථාවේ අපි බන්ධනාගාරයේ  එක එක අංශ කෑම දීමට විවෘත කරමිනුයි සිටියේ . ඒ අවස්ථාවේ මේගොල්ලො එකතු වෙලා එකපාරටම ප්‍රධාන දොරටුව ළඟට එන්න ගත්ත. එතන දාහක් එක්දහස් දෙසීයක් විතර එක් රැස්වෙලයි සිටියේ. මුලින් හිටපු අය අපට ඇහුන්කන් දුන්නත් පිටිපස්සෙන් හිටපු අය බොහොම ආවේගශීලිව කෑකෝගසමින් හැසිරෙන්න ගත්ත. මේ ආවේගශීලිව සිටි අය අනෙක් වාට්ටුවල ඉබ්බෝ කඩ කඩ කට්ටිය එළියට ගෙන එකතු කරන්න පටන් ගත්තා. පස්සේ 2000ක් විතර එකතු වුණා. මේ ආවේගශීලිව හැසිරුණු අය කවුරුවත් කොවිඩ් වාට්ටුවල අය නෙමෙයි. මේ අය සියලු දෙනා දරුණු කුඩු ගෑම් 2කේ ඉඳන් කුඩු කිලෝ 50  තියාගෙන සිටි දරුණු ගනයේ අපරාධකරුවන්ගේ වාට්ටුවෙන් තමයි මේ ප්‍රශ්නය ආවේ. මේ අයගේ ඉලක්කය වුණේ අවි ගබඩාව. ගැටලුව දරුණු වන විට මම නිලධාරීන් 03 දෙනෙකුට කිව්වා T56 අවිවලින් උඩට වෙඩි තියන්න කියලා. ඒත් මෙයාලා නැවතුනේ නෑ. පස්සේ අපේ නිළධාරින්  කඳුළු ගෑස්  උණ්ඩ 7ක් ගැහුවා . ඒක එයාලට දැණුනෙවත් නෑ. වෙන විකල්ප ඇත්තෙම නැති නිසා රබර් උණ්ඩවලින් වෙඩි තිබ්බා. අවි ගබඩාව කඩන්න තිබ්බ ඉඩකඩ නැතිකරවනයි මෙම අවම බලතල භාවිත කලේ කැඩුවනම් මහ විනාශයක් වෙන්න තිබ්බා. තවත් විනාඩි දෙක තුනක් ගියානම් මේක ටච් කරන හින්දා දණහිසෙන් පල්ලෙහාට වෙඩි දෙක තුනක් තියන්න කියලා නිලධාරීන්ට අණ දුන්නා. එතකොට තමයි නොසන්සුන්කාරී විදිහට හැසිරුණු අය ආපසු දෙපැත්තට විසිරිලා ගියේ. මෙතන ගැටලුවට ප්‍රදාන හේතුව  පාතාල කල්ලි තහරක් පහක්. මේගොල්ලොන්ව අපි වෙන වෙනම තබන්නෙ. මෙතන ඔක්කොම එකතු වුණ නිසා එකිනෙකා මරාගන්න ගත්තා. එයාලගෙ පුද්ගලික ප්‍රශ්න එතනින් විසඳගන්න උත්සහ කළා.”

මහර බන්ධනාගාර අධිකාරී ජගත් වීරසිංහ

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *