ලබන වසරේ සිට නිමි ඇඳුම් ආනයනයටත් සීමා පැනවේ

ලබන වසරේ ජනවාරි මස පළමු වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙරට නිමි ඇඳුම් ආනයනය කිරීමට සීමා පනවන බව ඇගලුම් නිෂ්පාද රාජ්‍ය අමාත්‍ය, දයාසිරි ජයසේකර මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ සිය අමාත්‍යංශයේ වැය ශීර්ෂයට අදාළව අදහස් දක්වමින්.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ නිමි ඇඳුම් ආනයනය අඩපණ කිරීම සඳහා ආනයන බදු ඉහළ දැමීම ඇතුළු තීන්දු තීරණ රැසකට එළඹීමට නියමිත බවත්, මෙම වැඩපිළිවෙලේ අරමුණ දේශීය රෙදි නිෂ්පාදන කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *