ගුවන් තොටුපොළ නැවත විවෘත කිරීමට විශේෂ කමිටුවක්.

කොවිඩ් 19 හේතුවෙන් අකර්මණ්‍ය වී ඇති ගුවන් තොටුපොළ හා සේවාවන් නැවත ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දු පුල්ලේ සහ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග ගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂ හමුවක් දී ඊයේ  (3) පැවැත්වීමට කටයුතු කලේය.

මෙහිදී සාකච්ඡාවට භාජනය කල කරුණු අනුව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ගුවන් තොටුපොළ නැවත විවෘත කිරීමටත්, සංචාරක කර්මාන්තයේ ඉදිරිය නගා සිටුවීම සදහා අවශ්‍ය යැයි සැලකිය යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ සකස් කිරිමට අදාලව මූලික සැළසුම් සකස් කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සහ සංචාරක අමාත්‍යාංශය මෙන්ම සංචාරක ක්ෂේත්‍රයට අදාල අංශ නියෝජනය කරන සාමාජිකයින්ගෙන් සැදුම්ලත් ඒකාබද්ධ කමිටුවක් පත් කිරීමට යෙදුනේය.

තවද මෙම සාකච්ඡාවට  වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානීන් ඇතුලු සෞඛ්‍ය බලධාරීන්, ගුවන්තොටුපල හා ගුවන් සේවා සමාගම, සංචාරක සංවර්ධන අධීකාරිය හා හෝටල් ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් සහ සංචාරක අමාත්‍යාංශයේ ප්‍රධානීන් රැසක් සහභාගීව සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *