මහර බන්ධනාගාරය තුල ඇති වූ ගැටලුවට හේතු සාදක සොයන අතර බුද්ධි අංශයට විශේෂ තොරතුරක් ලැබී ඇත එනම් මෙම ගැටලුවට ප්‍රදාන හේතු සාදකයක් ලෙස බන්ධනාගාර රෝහලේ ප්‍රදානියෙකු සම්බන්ධ බවයි.
එනම් ඔහු බන්ධනාගාර රැදවියන් තුල අනවශ්‍ය බියක් කොවිඩ් පැතිරීයාම පිළිබඳ ඇතිකිරීමයි. බන්ධනාගාර තුල කොවිඩ් පැතිරීයාම ගැන රැදවියන්ට දින කිහිපයක් තිස්සේ පවසමින් ඔවුන්ගේ මානසිකත්වය වියවුල් කිරීමට ඔහු කටයුතු කර ඇත.
ඒත් සමගම කොවිඩ් ආසාදිතයින් 183ක් දින කිහිපයක් තුල බන්ධනාගාරයේ ඇතිවීම නිසා තත්වය තවත් බරපතල වී කලහකාරී තත්වයකාට පත්ව ඇත.
එලෙසම තත්වය දඩමීමා කරගත් බන්ධනාගාරය තුල මත්ද්‍රව්‍යය ජාවාරම් කරුවන් කලහකාරී රැදවියන්ට මත්ද්‍රව්‍ය ලබාදෙමින් තත්වය තවත් කලහකාරී කරවා ඇත.


