මහරගම දන්ත සායනයේ සේවිකාවකට කොවිඩ්, PCR ප්‍රතිඵල පැමිණීමට පෙර සේවයටත් ඇවිත්

මහරගම දන්ත සායනයේ සේවය කරන සේවිකාවකට පසුගිය 30 වැනිදා කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබියදීත් රෝහලේ සෙසු පුද්ගලයින්ට මේ දක්වා කිසිදු පී.සී.ආර්. පරීක්ෂණයක් මෙතෙක් සිදුකර නැති බවට වාර්තා වේ. රජයේ දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය විපුල වික්‍රමසිංහ මහතා පවසන්නේ අදාළ සේවිකාව PCR පරීක්ෂණය සිදු කර ප්‍රතිඵල වාර්තා පැමිණීමට පෙර සේවයටද වාර්තා කර ඇති බවයි.

කෙසේ වෙතත් රෝහල් අධ්‍යක්ෂවරයා පවසා සිටින්නේ රෝහලේ හදිසි ප්‍රතිකාර පමණක් මේ වනවිට සිදු කරන බවත්, කොවිඩ් ආසාදිත සේවිකාවගේ ආශ්‍රිතයන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ අද (02) දිනයේදී සිදු කරීමට නියමිත බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *