ටිපර් රථයක් පොලිස් නිලධාරියෙකු යට කර පලා යයි.

ඊයේ රාත්‍රි 12 ට පමණ නිකවැරටිය, කොබෙයිගනේ පොලිස් වසමේ නීති විරෝධි වැලි ගොඩදැමීමක් වැටලීමට ගිය අවස්ථාවේ දී වැලි ප්‍රවාහනය කරමින් තිබු ටිපර් රථයක් නැවැත්වීමට පොලිස් නිලධාරීන් ‍උත්සහ කිරීමේ දී ටිපර් රථයකින් පැමිණි අයෙක් පොලිස් නිලධාරියෙක්ව යටකර පළා ගොස් තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කොබෙයිගනේ පොලිස් ස්ථානයට අනියුක්ත 32 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකි.

“නිකවැරටිය පොලිස් වසමේ කොබෙයිගනේ පොලිස් වසමේ දී මේක වෙලා තියෙන්නේ ඊයේ රාත්‍රී 12ට පමණ. කොබෙයිගනේ පොලිස් වසමේ 5 දෙනෙකුගෙන් සමන්විත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් නීතිවිරෝධි වැලි ගොඩදැමීමක් පිළිබඳ වැටලීමක් සඳහා සහභාගී වෙලා තියෙනවා. ඒ අවස්ථාවේ දී පොලිස් නිලධාරීන් නිරීක්ෂණය කරලා තියෙනවා ටිපර් රථයක් වැලි සමග දැඳුරු ඔයේ සිට ගමන් කරන ආකාරය. පොලීසියට ලද තොරතුරක් මත තමයි මේ ස්ථානයේ වැටලීමට ගොස් තිබෙන්නේ. ඒ අවස්ථාවේ දී පොලිස් නිලධාරීන් රථය නවත්වන්න කියලා සංඥා කරපු අවස්ථාවේ දී ටිපර් රථයේ රියදුරු විසින් පොලිස් නිලධාරීන් යටකර පළා ගොස් තිබෙනවා. ඒ අනුව පොලිස් කොස්තාපල්වරයෙක් මියගොස් තිබෙනවා. මේ පුද්ගලයා හඳුනාගෙන තිබෙනවා කවුද කියලා. මීට පෙරත් වැලි ජාවාරම සම්බන්ධයෙන් නඩු දාලා වරදකරුවෙක් වෙච්ච කෙනෙක්. ඒ වගේම ඒ ටිපර් රථයත් හඳුනාගෙන තියෙනවා.“

යනුවෙන් මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහන මහතා සඳහන් කලේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *