තායිලන්ත නියෝජ්ය අගමැතිනි සුෆාජී සුතුම්පුන්ගේ මෑතකාලීන ශ්රී ලංකා සංචාරය සම්පූර්ණයෙන්ම පෞද්ගලික සංචාරයක් වූ බවත්, ඇය වෙනුවෙන් ඉල්ලා සිටි සියලු රාජ්යතාන්ත්රික ආචාර සත්කාර ශ්රී ලංකා බලධාරීන් විසින් සලසා දුන් බවත් විදේශ කටයුතු අමාත්යාංශය පැහැදිලි කර තිබේ.
මිහින්තලේ පැවති ආගමික උත්සවයට සහභාගී වීම සඳහා මෙරටට පැමිණි තායිලන්ත නියෝජ්ය අගමැතිනියට රජය විසින් නිසි රාජ්යතාන්ත්රික පිළිගැනීමක් සහ ආරක්ෂක විධිවිධාන ලබා නොදුන් බවට එක්සත් ජාතික පක්ෂය (එජාප) චෝදනා කිරීමෙන් අනතුරුව අමාත්යාංශය මෙම පැහැදිලි කිරීම සිදු කර ඇත.
විදේශ කටයුතු අමාත්යාංශයේ ප්රකාශකවරයා සහ මහජන රාජ්යතාන්ත්රික කටයුතු පිළිබඳ අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ, තායිලන්ත නියෝජ්ය අගමැතිනිය බෞද්ධ බැතිමතුන් සමඟ මිහින්තලේ පැවති ආගමික පූජා උත්සවයට සහභාගී වීම සඳහා පමණක් ශ්රී ලංකාවට පැමිණි බවයි.
මෙම සංචාරය ඇයගේ පෞද්ගලික සංචාරයක් ලෙස සිදු කර තිබූ බැවින්, ඇය සමඟ පැමිණි නියෝජිත පිරිසට වෙනත් කිසිදු රජයේ නිලධාරියකු ඇතුළත් නොවූ බව ද අමාත්යාංශය සඳහන් කළේය.
තායිලන්ත තානාපති කාර්යාලය විසින් ප්රභූ විවේකාගාරය භාවිත කිරීම ඇතුළු පහසුකම් සහ ආචාර සත්කාර කිහිපයක් ඉල්ලා තිබූ අතර, ශ්රී ලංකා බලධාරීන් ඒවා ලබා දුන් බව ද විදේශ කටයුතු අමාත්යාංශය පැවසීය.
තායිලන්ත නියෝජ්ය අගමැතිනිය මීට පෙර ද ආගමික කටයුතුවලට සහභාගී වීම සඳහා මෙවැනි පෞද්ගලික සංචාරවල නිරත වී ඇති බව අමාත්යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.
සංචාරයේදී ඇයට නිසි රාජ්යතාන්ත්රික ආචාර සත්කාර සහ ආරක්ෂක විධිවිධාන ලබා නොදුන්නේ මන්දැයි රජයෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා එජාපය කළ ප්රකාශයෙන් අනතුරුව මෙම කරුණු පැහැදිලි කිරීම සිදු කර තිබේ.
තායිලන්ත පාර්ශ්වය ඉල්ලා සිටි සියලු පහසුකම් සලසා දුන් බව විදේශ කටයුතු අමාත්යාංශය අවධාරණය කළේය.


