අද (20) දිනය සඳහා ශ්රී ලංකාවේ දිස්ත්රික්ක 14කට බලපැවැත්වෙන පරිදි කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව විසින් ‘අවවාදාත්මක මට්ටමේ’ උණුසුම් කාලගුණ නිවේදනයක් නිකුත් කර තිබේ.
ඊයේ (19) නිකුත් කළ මෙම නිවේදනයට අනුව, මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය පෙන්නුම් කරන තාප දර්ශකය උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ වයඹ පළාත්වල ඇතැම් ප්රදේශවල මෙන්ම මොනරාගල සහ හම්බන්තොට දිස්ත්රික්කවලද ‘අවවාදාත්මක මට්ටමට’ ඉහළ යා හැකි බව අපේක්ෂා කෙරේ.
තාප දර්ශකය සෙල්සියස් අංශක 39ත් 45ත් අතර අගයක පවතින මෙම අවවාදාත්මක මට්ටමේදී, දිගු වේලාවක් උණුසුමට නිරාවරණය වීම සහ ශාරීරික ක්රියාකාරකම්වල නිරත වීම හේතුවෙන් තෙහෙට්ටුව ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එවැනි තත්ත්වයන් යටතේ අඛණ්ඩව ක්රියාකාරකම්වල නිරත වීමෙන් මාංශපේශිවල වේදනාකාරී කැක්කුම් ඇති වීමටද ඉඩ තිබේ.
ප්රමාණවත් තරම් ජලය පානය කරමින් සිරුරේ ජල මට්ටම පවත්වාගැනීමටත්, සෙවණ සහිත ස්ථානවල නිතර විවේක ගැනීමටත්, දැඩි ශාරීරික වෙහෙසක් අවශ්ය වන එළිමහන් ක්රියාකාරකම් සීමා කිරීමටත් ජනතාවට උපදෙස් දී තිබේ.
එමෙන්ම සැහැල්ලු, ලා පැහැති ඇඳුම් ඇඳීම, වැඩිහිටි සහ රෝගී පුද්ගලයන්ගේ සුවදුක් සොයා බැලීම සහ ළමයින් වාහන තුළ තනිවම දමා නොයෑම පිළිබඳවද අවධානය යොමු කරන ලෙස ජනතාවට දැනුම් දී ඇත.



