ඊයේ (19) අකුරණ ප්රදේශයේදී සිදුවූ වාහන කිහිපයක් ගැටුණු මාරක රිය අනතුරකින් සිව්දෙනෙකු මියයෑමේ සිද්ධියට සම්බන්ධ සිමෙන්ති ලොරියේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය සඳහන් කළේ අනතුර සම්බන්ධයෙන් අලවතුගොඩ පොලිසිය විසින් එම රියදුරු අත්අඩංගුවට ගත් බවයි.
මහනුවර-මාතලේ A9 මාර්ගයේ අකුරණ ප්රදේශයේ සැතපුම් කණුව 7 ආසන්නයේ කුරුගොඩ හන්දියේදී අද උදෑසන මෙම අනතුර සිදුව තිබේ.
අලවතුගොඩ සිට මහනුවර දෙසට සිමෙන්ති කුඩු ප්රවාහනය කරමින් තිබූ තොග ප්රවාහන ටැංකි ලොරියක් රියදුරුගේ පාලනයෙන් ගිලිහී ඉදිරියෙන් ගමන් කළ වාහන කිහිපයක ගැටී පෙරළී ගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය.
අනතුරෙන් පුද්ගලයන් සිව්දෙනෙකු මියගොස් ඇති අතර, තවත් හයදෙනෙකු බරපතළ තුවාල ලබා මහනුවර සහ අකුරණ රෝහල් වෙත ඇතුළත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අලවතුගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.


