දින තුනක් දිවයින පුරා පැයක විදුලි කප්පාදුවක්

19 දා සිට 21 දා දක්වා අඛණ්ඩව දින තුනක් දිවයින පුරා පැයක විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) අනුමැතිය ලබාදී තිබේ.

ඒ අනුව, රට කාණ්ඩ හතරකට බෙදා ඇති අතර, සෑම කාණ්ඩයකටම දිනපතා පස්වරු 4.30ත් රාත්‍රී 9.00ත් අතර පැයක විදුලි කප්පාදුවක් සිදු කෙරේ.

ඔක්තෝබර් 19, 20 සහ 21 යන දින සඳහා අනුමත කළ විදුලි ඉල්ලුම කළමනාකරණ කාලසටහන් ද ප්‍රකාශයට පත් කර ඇති අතර, එක් එක් කාණ්ඩයට විදුලිය විසන්ධි කරන වේලාවන් එහි දැක්වේ.

ඊ‍යේ(19) විදුලි කප්පාදු කාලසටහන

  • කාණ්ඩය 1: පස්වරු 4.30ත් 5.00ත් අතර කාලයේදී ආරම්භ වන පැයක විදුලි කප්පාදුවක්.

  • කාණ්ඩය 2: පස්වරු 5.30ත් 6.00ත් අතර කාලයේදී ආරම්භ වන පැයක විදුලි කප්පාදුවක්.

  • කාණ්ඩය 3: පස්වරු 6.30ත් 7.00ත් අතර කාලයේදී ආරම්භ වන පැයක විදුලි කප්පාදුවක්.

  • කාණ්ඩය 4: පස්වරු 7.30ත් 8.00ත් අතර කාලයේදී ආරම්භ වන පැයක විදුලි කප්පාදුවක්.

අද (20) විදුලි කප්පාදු කාලසටහන

  • කාණ්ඩය 4: පස්වරු 4.30ත් 5.00ත් අතර කාලයේදී ආරම්භ වන පැයක විදුලි කප්පාදුවක්.

  • කාණ්ඩය 1: පස්වරු 5.30ත් 6.00ත් අතර කාලයේදී ආරම්භ වන පැයක විදුලි කප්පාදුවක්.

  • කාණ්ඩය 2: පස්වරු 6.30ත් 7.00ත් අතර කාලයේදී ආරම්භ වන පැයක විදුලි කප්පාදුවක්.

  • කාණ්ඩය 3: පස්වරු 7.30ත් 8.00ත් අතර කාලයේදී ආරම්භ වන පැයක විදුලි කප්පාදුවක්.

හෙට (21) විදුලි කප්පාදු කාලසටහන

  • කාණ්ඩය 3: පස්වරු 4.30ත් 5.00ත් අතර කාලයේදී ආරම්භ වන පැයක විදුලි කප්පාදුවක්.

  • කාණ්ඩය 4: පස්වරු 5.30ත් 6.00ත් අතර කාලයේදී ආරම්භ වන පැයක විදුලි කප්පාදුවක්.

  • කාණ්ඩය 1: පස්වරු 6.30ත් 7.00ත් අතර කාලයේදී ආරම්භ වන පැයක විදුලි කප්පාදුවක්.

  • කාණ්ඩය 2: පස්වරු 7.30ත් 8.00ත් අතර කාලයේදී ආරම්භ වන පැයක විදුලි කප්පාදුවක්.

ලක්විජය බලාගාරය විදුලි බිඳවැටීමකින් පසු අක්‍රියව පැවතීම හේතුවෙන් ප්‍රමාණවත් විදුලි උත්පාදන ධාරිතාවක් නොමැති වී, විදුලි ඉල්ලුම කළමනාකරණය කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයට අවශ්‍ය වුවහොත් මෙම විදුලි කප්පාදු ක්‍රියාත්මක කරන බව කාලසටහන්වල සඳහන් වේ.

විදුලි ඉල්ලුම, පවතින විදුලි උත්පාදන ධාරිතාව සහ කාලගුණික තත්ත්ව අනුව විදුලිය විසන්ධි කරන සහ යළි ලබාදෙන වේලාවන් මිනිත්තු 30ක් දක්වා වෙනස් විය හැකි බව බලධාරීහු සඳහන් කළහ.

මේ අතර, ඔක්තෝබර් 19 සිට 21 දක්වා පැයක විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් අනුමැතිය ඉල්ලා ඇති බව ජාතික පද්ධති ක්‍රියාකරු (NSO) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී බුද්ධික සමරසිංහ මහතා අද පෙරවරුවේ ප්‍රකාශ කර තිබිණි.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *