අවිශ්කගෙ විශිෂ්ඨ පිතිකරණයෙන් ජැෆ්නා පිලට විශිෂ්ඨ ජයක්.

ඊයේ පැවති LPL තරගයේදී ජැෆ්නා ස්ටැලියන් කණ්ඩායම විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට සමත් වූයේ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම දරුණු පරාජයක් අත්කර දෙමිනි.

මෙම ජයග්‍රහණය සදහා අවිශ්ක ප්‍රනාන්දු ගේ විශිෂ්ඨ ඉනිම (*92) විශාල පිටුවහලක් විය එම ලකුණු 92 ඔහු රැස් කළේ පන්දු 63 කදී හතරේ පහර 5ක් හා හයේ පහර 7ක් සමගය.

යාපනය පිල ලකුණු 176 ක ජයග්‍රාහි ඉලක්කය පන්දුවාර 19.3 කදී කඩුලු දෙකක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් වූ අතර මේ සදහා අවිශ්කගෙ හා ශොයිබ් මලික් අතර ඇති වූ නොබිදුනු ලකුණු 110ක සබදතාව විශාල පිටුවහලක් විය.

මෙම තරගාවලියේ විශේෂයෙන් කතාබහට ලක් වූ අනෙක් කරුණ වූයේ ජාත්‍යන්තර පිටියෙන් සමුගත් ෂයිඩ් අෆ්‍ රිඩිගේ පන්දු 23කදී ලබා ගත් ලකුණු 58 ‍යි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *