කොවිඩ් තුන්වැනි රැල්ල ලබන වසර මුල වනවිට බලාපොරොත්තු විය හැකි බවට පර්යේෂකයන් අනතුරු අඟවා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසා සිටියි.
මේ අතර පවතින තත්වය සැලකිල්ලට ගෙන දෛනික කටයුතු පවත්වාගෙන යාම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය නවතම මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දී තිබේ.
එමෙන්ම කොවිඩ් ව්‍යාප්තිය සිදුවන අවදානම් මට්ටම් හතරක් පිළිඹදවද පැහැදිලි කර තිබේ. එම අවදානම් මට්ටම් හතර පහත පරිදි වර්ග කර ඇත.
- පළමු මට්ටමේදී ආසාදිතයන් හඳුනාගැනෙන්නේ නිරෝධායන මධ්‍යස්ථානවලින් පමණක් වන අතර එහිදී ආසාදිත පොකුරු දක්නට නොලැබේ.
- දෙවන මට්ටමේදී එක් රෝගී පොකුරක්ද එම සීමාවූ ප්‍රදේශයේ පමණක් ඇඳිරිනීතිය පැනවීම සිදුවේ.
- තුන්වන මට්ටමේදී රටේ විවිධ දිස්ත්‍රික්කවලින් රෝගී පොකුරු බිහිවීමත් ඒ ඒ ප්‍රදේශවලට ඇඳිරිනීතිය පැනවීමත් සිදුවෙයි.
- සිව්වන මට්ටම ප්‍රජා සම්ප්‍රේෂණය වන අතර එහිදී රටේ විවිධ ප්‍රදේශවලින් කිසිදු මුල් සම්බන්ධයක් නොමැති රෝගී පොකුරු බිහිවීම දක්නට ලැබේ.