30 වන කොවිඩ් මරණය මෝදර 23 හැවිරිදි තරුණයෙක්

ශ්‍රී ලංකාවේ සිදුව් ඇති 30වැනි කොවිඩ් -19 මරණය නිල වශයෙන් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඊයේ දින මියගොස් ඇති මෙම 23 හැවිරිදි තරුණයා අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යා ආයතනයෙන් ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත ඔහු මෝදර, කොළඹ 15 ප්‍රදේශයේ පුද්ගලයෙකි.

මෙම මරණයට හේතුව ලෙස අදාළ රෝගියාට කොවිඩ් 19 වෛරසය ආසාදනයවීම හා දියවැඩියා රෝගයේ සංකූලතා තිබීම බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *