ප්‍රභේදයේ

නිවසේ නිරෝධායනය වූ අයෙක් මරුට

තම නිවසේ නිරෝධායනයට ලක් කර සිටි පුද්ගලයෙකු මරණයට පත්වී ඇති බව මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරනවා.

මීරිගම පල්ලෙවෙල ප්‍රදේශයේ නිවසක නිරෝධායනයට ලක් කර සිටි පුද්ගලයකු එසේ මිය ගොස් ඇති අතර දේහය පරීක්ෂණ සඳහා වතුපිටිවල මූලික රෝහලට ගෙන ගොස් තිබෙනවා.

වයස අවුරුදු 68 ක් පමණ පිරිමි පුද්ගලයෙකු මෙසේ මියගොස් සිටියා.

එම ප්‍රදේශයේ ඇඟලුම් ආයතනයක සේවය කළ සේවිකාවක කොරෝනා ආසාදිතයෙකු යැයි හෙළිවීම නිසා නිවාස කිහිපයක පදිංචිකරුවන් නිරෝධායනයට ලක් කර තිබෙනවා.

එම ආසාදිත තරුණිය හා සමීප සබඳතා පැවැත් වූ එම නිවසේ පිරිසට සිදුකල කොරෝනා පරීක්ෂණයන්ට අනුව ආසාදිත නොවන බව හෙලිවී තිබේ.

කෙසේ වෙතත් මියගිය පුද්ගලයාගේ දේහය පරීක්ෂණ සිදුකර වාර්තාව ලබා ගැනීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *