Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

හෙට දින සිට ක්‍රියාත්මක වන පරිදි අධිකරණ හා බන්ධනාගාර කටයුතු සම්බන්ධව තීරණ කිහිපයක්

හෙට දින සිට ක්‍රියාත්මක වන පරිදි අධිකරණ හා බන්ධනාගාර කටයුතු සම්බන්ධව තීරණ කිහිපයක්

නව කොරෝනා වෛරසය හෙවත් කෝවිඩ් 19 පැතිරයාම වැලැක්වීමට මහජන ගැවීසීම් සහ ඒකරාශී වීම් අඩු කිරීම පිළිඹද රජයේ අවධානය තවදුරටත් යොමු වී තිබේ. ඒ අනුව හෙට (17) සිට ක්‍රියාත්මක වන පරිදි අධිකරණ හා බන්ධනාගාර කටයුතු සම්බන්ධයෙන් තීරණ කීපයක් ගෙන තිබේ.

අද (16) රැස් වූ අධිකරණ සේවා කොමිසන් සභාව මාර්තු 17 සිට 20 දක්වා දිනවල සිදුකිරීමට නියමිත අධිකරණ කටයුතු පිළිබඳව චක්‍රලේඛයක් විනිසුරුවරුන් වෙත යොමු කර ඇත. වාණිජ මහාධිකරණ, සිවිල් අභියාචනාධිකරණ සහ දිස්ත්‍රික් අධිකරණවල කැඳවීමට නියමිතව තිබූ නඩු සියල්ල විවෘත අධිකරණයේ කැඳවීමක් සිදු නොකෙරේ. එම නඩු කැඳවීම් අප්‍රේල් මස මුල් සතියේ දී අධිකරණ පරිශ්‍රයට පැමිණ දැන ගැනීමේ හැකියාව මහජනතාවට ඇත. අත්‍යාවශ්‍ය සහ හදිසි ප්‍රමුඛතාවයකින් ගත යුතු නඩු පමණක් ඒ ඒ විනිසුරුවරුන්ගේ අභිමතය පරිදි කැඳවන ලෙස චක්‍රලේඛය මගින් වැඩිදුරටත් උපදෙස් දී ඇත. මහාධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණවල ද මෙය ක්‍රියාත්මක බව අධිකරණ සේවා කොමිසන් සභාව දැනුම් දෙයි.

බන්ධනාගාර ආශ්‍රිතව මහජන ගැවසීම් ද මේ යටතේ සීමා කෙරේ.

බැංකු ගනුදෙණු, වෙළෙඳ සහ වාණිජ කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට සියලු පහසුකම් සපයා තිබේ.

ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි කොරෝනා මර්දන කාර්ය සාධක බලකායේ මෙහෙයුම් රාජගිරිය, ශ්‍රී ජයවර්ධනපුර මාවතේ, අංක 1090 දරණ ස්ථානයේ සිට සිදු කෙරේ.

දෛනික ජන ජිවිතය අඩාල නොවන පරිදි සියලු කටයුතු පවත්වාගෙන යාමට රජය හැකි උපරිම උත්සාහයක නිරත වේ. උද්ගතව ඇති තත්ත්වය නිවැරදි ආකාරයෙන් තේරුම්ගෙන කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනයට ජනතා සහාය රජය අපේක්ෂා කරයි.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *