හිටපු යුධ හමුදාපති විදෙස් ගත වීමෙන් පාස්කු ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ වලට බාධා

පාස්කු ප‍්‍රහාරයෙන් පසු හමුදාව විසින් දෙහිවලදී අත්අඩංගුවට ගෙන සිටි ත‍්‍රස්තවාදී සැකකරුවකු සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අවස්ථා දෙකකදී හිටපු යුද හමුදාපති ජනරාල් මහේෂ් සේනානායක මහතාට දුරකතන ඇමැතුම් ලබා දී බලපෑම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය පරීක්ෂණ ආරම්භ කර ඇති නමුත්, එම පරීක්ෂණයට විශ‍්‍රාමික හමුදාපති ජනරාල් මහේෂ් සේනානායක මහතා විදේශගත වී සිටීම බාධාවක් බව පොලිසිය කියයි.

ඒ මහතාගේ නිවසට ගිය අවස්ථාවේ ජනාධිපතිවරණයෙන් පසුව ඒ මහතා සිය පවුල සමඟ විදේශ ගත වී ඇති බව දැනගැනීමට හැකි වූ බවත්, මහේෂ් සේනානායක මහතා යළිත් මෙරටට පැමිණෙන දිනය නොදන්නා හෙයින් පරීක්ෂණ අතර මග නැවතී ඇති බවද උසස් පොලිස් නිලධාරියෙක් පවසා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *