සමන් රත්නප්‍රිය පත්කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

ඉල්ලා අස්වූ ජයම්පති වික්‍රමරත්න මහතාගෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට සඳහා සමන් රත්නප්‍රිය මහතා පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය ඊයේ (27) නිකුත් කර තිබේ. ඒ මැතිවරණ කොමිෂන් සභාව විසින්.

ජයම්පති වික්‍රමරත්න මහතා පසුගියදා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ අතර අදාළ පුරප්පාඩුව සඳහා පක්ෂයේ ලේකම්වරයා විසින් සමන් රත්නප්‍රිය මහතාගේ නම යෝජනා කරනු ලැබිණි.

ඒ අනුව අට වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු ලෙස සමන් රත්නප්‍රිය මහතා තෝරාපත් කරගන්නා ලද බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *