Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

හදිසියේ දීමට යන මත්පැන් නිශ්පාදන බලපත්‍රය මොකක්ද ?

හදිසියේ දීමට යන මත්පැන් නිශ්පාදන බලපත්‍රය මොකක්ද ?

මෙම නව මත්පැන් බලපත්‍රය ගැන ගැටලුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ බුද්ධික පතිරණ මන්ත්‍රී තුමන් විසිනි ඔහු අසා සිටියේ ස්ථානීය පරික්ෂාවක් හෝ ජනතා මතය නොවිමසා මෙවැනි බලපත්‍රයක් නිකුත් කරනුයේ කෙසේද යන්නයි.

ඔහු තවදුරටත් කියා සිටියේ මෙරට මත්පැන් නිශ්පාදනවලට බලපත්‍ර 25ක් පමණ පවතින බවත් එයින් බලපත්‍ර 5 සමස්ථ සුරාබදු ආදායමෙන් 93-95% පමණ ප්‍රමාණයක් රජයට ලබාදෙන අතර ඉතිරි බලපත්‍ර 20ම රජයට ලබා දෙන්නේ 5% පමණ බදු ආදායමක් බවයි.

මෙම අවම බදු ප්‍රමාණයක් ගෙවන බලපත්‍ර හිමියන්ගෙන් විශාල බදු අක්‍රමකතා සිදුවන බවත් එයින් රජයට විශාල බදු මුදලක් රජයට අහිමි වන බවත් ඔහු පෙන්වා දෙයි. එලෙසම බලපත්‍රයක් හිමි අයෙකුට තවත් එවැනිම බලපත්‍රයක් ලබා දීම විශාල ගැටලුවක් බවත් තවද එම පුද්ගලයා වයින් බලපත්‍රයක් මගින් නිශ්පාදනයක් වෙළෙඳපොළට නිකුත් කරන බවත් එයට වයින් සදහා ඇති බද්දට වඩා අඩු මුදලක් රජයට ගෙවන බවත් වැඩිදුරටත් පැවසීය.

” දැනට පවතින බදු ක්‍රමවේදයට අනුව මත්පැන් වල අන්තර්ගත ඇල්කොහොල් ප්‍රමාණයට අනුව වයින් සඳහා රුපියල් 3,200 ක බද්දක් ගෙවිය යුතු වනවා නමුත් දේශීය වයින් සඳහා ගෙවන බද්ද රුපියල් 900 ක් පමණයි. මෙවන් පුද්ගලයන්ට නව බලපත්‍ර නිකුත් කිරීමෙන් රජයේ ආදායම තවදුරටත් අහිමිවනවා” යනුවෙන් බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

එලෙසම පැරණි සුරාබදු පනතට අනුව වයින් වරගයක් නොවන ඉහත කී මත්පැන් ලීටරයකින් රජයට රුපියල් 2300ක බද්දක් රජයට අහිමි වන බවත් මේසේ සිදුවන් සුරාබදු වංචා හේතුව නිසා වාර්ෂිකව රජයට ලැබිය යුතු  බදු බිලියන 80ක් පමණ රජයට අහිමි වන බව ඔහු පෙන්වා දුන්නේය.

මෙයට පිළිතුරු දක්වමින් මුදල් රාජ්‍ය ඇමති අජිත් නිවාඩ් කබ්රාල් මහතා කියා සිටියේ මේ ගැන පරීක්ෂණයක් පවත්වා පාර්ලිමේන්තුව දැනුවත් කරන බවයි.

 

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *