“හතේ අපේ පොත” ගැන අවසන් තීරණය අද

මේ වන විට දැඩි කථාබහට ලක් වී ඇති, පාසල් ළමුන්ට ලබාදීම තාවකාලිකව අත්හිටුවා ඇති “හතේ අපේ පොත” ග්‍රන්ථය පිළිබඳව අද (21) දිනයේ අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබේ.

අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාව සහ කාන්තා හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාව රැස්වී ඒ පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට නියමිත බවත් මෙම ඒකාබද්ධ රැස්වීම අද පස්වරු 2 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වෙන බවත් වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *