ඉස්ලාම් ආගමට අපහාස කළ ශ්‍රී ලාංකික තිදෙනෙකුට ඩුබායි අධිකරණයෙන් දඩ නියම කෙරේ

ඉස්ලාම් ආගමට අපහස වන අයුරින් ෆේස්බුක් සහ ඉන්ස්ටග‍්‍රෑම් ඔස්සේ අදහස් පළ කිරීම සම්බන්ධව චෝදනා එල්ල වූ ශී‍්‍ර ලාංකිකයින් තිදෙනෙකුට ඩුබායි අධිකරණය මගින් ඩිරාම් ලක්‍ෂ 5ක දඩයක් නියම කර තිබෙනවා. මොවුන් තිදෙනා ඩුබායිහි සංචාරක හෝටලයක ආරක්‍ෂක භටයින් ලෙස සේවය කර ඇති බවටයි වාර්තා වන්නේ. ඔවුන් වයස 28 ත් 34ත් අතර පසුවන ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු වේ.

මෙම පිළිඹද පළමු වරට චෝදනා එල්ල වී ඇත්තේ ඉකුත් වසරේ මැයි මාසයේදී බවටද වාර්තා පළ වනවා. තමන් සිදුකළ වරද ඔවුන් තිදෙනාම පිළිගෙන ඇති බවද විදෙස් වාර්තාවල දැක්වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *