සෞදි රැඳවුම් කඳවුරු වල රඳවා සිටින ශ්‍රී ලාංකික කාන්තාවන් යළිත් මෙරටට

සෞදි අරාබියේ රැඳවුම් කඳවුරවල සිටින ශ්‍රී ලාංකික කාන්තාවන් කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට පියවර ගන්නා බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසා සිටියි.

සෞදි අරාබියේ මෙම රැඳවුම් කඳවුරු වල සිටින ශ්‍රී ලාංකික කතුන් පිළිබඳව ජාත්‍යන්තර ක්ෂමා ආයතනය විසින් කරුණු හෙළිදරව් කිරීමෙන් අනතුරුව රැඳවියන් පිළිබඳව සවුදි රජය සමග ශ්‍රී ලංකා රජය සාකච්ඡා කළ බවත්, එම බන්ධනාගාරවල සිටින ශ්‍රී ලාංකික කතුන් නිදහස් කිරීමටත්, ශ්‍රී ලංකාවට එවීමටත් සෞදි රජය එකඟ වී ඇතැයි අමාත්‍යවරයා පවසයි.

ඒ අනුව එම කතුන් සෞදි අරාබි රාජ්‍ය ගුවන් සේවය මගින් ශ්‍රී ලංකාවට එවීමට ද සෞදි රජය එකඟත්වය පළ කර ඇතැයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *