යුධ හමුදා නිළදාරීන් දෙදෙනෙකුට තුවාල කරමින් පළා ගිය කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට.

පසුගිය දිනෙක යුද හමුදා නිලධාරීන් දෙදෙනෙකු යටකර පලා ගිය කැබ් රථයේ රියදුරු දින තුනකට පසු අත්අඩංගුවට ගෙන ඇති අතර, පසුගිය 18 වනදා වව්නියාව ඕමන්ත ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස බුරුත දැව තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කැබ් රථයක් අන නොතකා ධාවනය කරමින් යුද හමුදා නිලධාරීන් දෙදෙනෙකු යට කර පලා ගොස් තිබූ රියදුරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරු වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණයට අද  ඉදිරිපත් කිරීමට නියමිතය. තුවාල ලැබූ යුද හමුදා සෙබළුන් දෙදෙනා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *