සිරිල් ගාමිණී පියතුමන් CIDයට කැඳවීමට එරෙහිව ස.ජ.බ ය ජාත්‍යන්තරයට යයි

සිරිල් ගාමිණී පියතුමන් සී.අයි.ඩී.යට කැඳවා ප්‍රශ්න කිරීමෙන් පියතුමන් පීඩනයට ලක්වන බැවින් ඒ පිළිබඳව අවධානය යොමු කරන ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන, නීතිඥ එරන්ද වැලිඅංගේ සහ නීතිඥ තාරක නානායක්කාර යන මහත්වරුන් එක්සත් ජාතීන්ගේ මෙරට මූලස්ථානය වෙත ඊයේ(22) සන්දේශයක් භාරදුන්නේය.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධන මහතා පැවසුවේ සිරිල් ගාමිණී පියතුමන් පීඩනයට ලක්කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තරයට යෑමට සූදානම් බවයි.

“බෝම්බ තියන, බෝම්බ ගහන්න ඉන්න පුද්ගලයින්ව දන්නවා කියන ඥානසාර හිමියන්ව ප්‍රශ්න කරන්නේ නැහැ. ඒ වගේම නිලන්ත ජයවර්ධනලව ප්‍රශ්න කරන්නේ නෑ. ජනාධිපති විමර්ශන කොමිසමේ නිර්දේශ අනුව ක්‍රියාත්මක වෙන්නේ නෑ. එවැනි තත්ත්වයක් කරද්දි මේ විදියට සිරිල් ගාමිනි පියතුමන්ව අපහසුතාවයට ලක් කරන එක පිඩනයට ලක් කරන එක අපි හෙළා දකිනවා. මේ පිලිබඳව අපි ජාත්‍යන්තරයට යන්න සූදානම්.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *