අයවැය දෙවනවර කියවීම සම්මතයි

2022 වසර සඳහා වන අයවැය යෝජනාව දෙවනවර කියවීම වැඩි ඡන්ද 93කින් සම්මත විය.

ඊට පක්ෂව ඡන්ද 153 ලැබුණු අතර විපක්ෂව ඡන්ද 60 ක් ලැබුණි.

අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් මස 10 වනදා පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ආණ්ඩුවේ පක්ෂ, අයවැය දෙවැනිවර කියැවීමට පක්ෂව ජන්දය භාවිත කළ අතර, සමඟි ජන බලවේගය, ජාතික ජන බලවේගය, ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂය ඇතුළු විපක්ෂයේ පාර්ශ්ව අයවැය දෙවැනිවර කියැවීමට විරුද්ධව ජන්දය භාවිත කළේය.

ජන්ද විමසීම ප.ව 5.10 ට සිදු කෙරුණි.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් 2022 වසර සඳහා වන අයවැය දෙවැනි වර කියවීම නොවැම්බර් මස 12 වැනි සිකුරාදා සිදුකළේය.

නොවැම්බර් 13 සෙනසුරාදා සිට ඊයේ(22) දක්වා දින 07ක් අයවැය දෙවැනිවර කියැවීමේ විවාදය පැවැත්විණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්‍ය හර්ෂ ද සිල්වා මහතා එම විවාදය ආරම්භ කළේය. විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීමේ විවාදයේ පිළිතුරු කථාව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් අද පස්වරුවේ සිදුකළේය.

හෙට(23) සිට කාරක සභා අවස්ථාවේ විවාදය ආරම්භ වන අතර, සෙනසුරාදා ද ඇතුළුව දෙසැම්බර් 10 වැනි සිකුරාදා දක්වා දින 16 ක් එම විවාදය පැවැත්වේ.

දෙසැම්බර් 10 වැනි දින ප.ව 5.00ට තෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *