සැෂේ පැකට්‌ ලබන ජනවාරියේ සිට තහනම්

ආහාර හා ඖෂධ අඩංගු නොවන සියලූම සැෂේ පැකට් වර්ග නිෂ්පාදනය කිරීම ලබන වසරේ (2021) ජනවාරි සිට තහනම් කිරීමට රජය තීරණය කර තිබේ.

පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා සඳහන් කරන්නේ වසරකට දේශීය වෙළෙඳ පොළෙහි රුපියල් කෝටි 96ක පමණ වටිනාකමින් යුත් ෂැම්පු, හෙයාර් ජෙල් හා හෙයාර් ඩයි වර්ග ආදිය අඩංගු සැෂේ පැකට් අලෙවි වන බවයි. මෙම සැෂේ පැකට් පරිසරයට හානිකර බවද ඇමැතිවරයා පවසයි. එබැවින් එම සැෂේ පැකට් නිෂ්පාදනය තහනම් කිරීම සඳහා කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කර එය අනුමත කරගත් බවද ඇමැතිවරයා පැවසීය.

ඒ අනුව ලබන වසර මුල සිට සැෂේ පැකට්වල අඩංගු ආහාර හා ඖෂධ නොවන සියලූ නිෂ්පාදන තහනම් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *