සහරාන් හෂීම්ගේ පියා ඇතුළු පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට

සහරාන් හෂිම් සහ ඔහුගේ අනුගාමිකයන් විසින් සංවිධානය කළ අන්තවාදී පන්තිවලට සම්බන්ධ වු පුද්ගලයන් තිදෙනෙකු ත්රස්ත ක්රියා විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර සහරාන් හෂීම්ගේ බිරිඳගේ පියාද වන බව පොලීසිය පැවසුවේය. කුලියාපිටිය, කැකුණගොල්ල ප්රදේශයේ දි ඊයේ මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් මාධ්ය ප්රකාශක නියෝජ්ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්රකාශ කළේ සැකකරුවන් රැඳවුම් නියෝග මත වැඩිදුර ප්රශ්න කරන බවයි.
