සමගි ජන බලවේගය හරහා ලංකා ඉතිහාසයේ අලුත් පරිච්ඡේදයක් නිර්මාණය කරනවා – සජිත්

සමගි ජන බලවේගය හරහා ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රජාතන්ත්‍රවාදී සංවර්ධන ගමනේ අලුත් පරිච්ඡේදනයක් නිර්මාණය කරන බවත්, මෙය ජනතා හිතකාමී, ජනතාවට සෙත සලසන ව්‍යාපෘතියක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා විසින් සංවිධානය කර තිබූ ගාල්ල දිස්ත්‍රික් සංවිධායක හමුවක් අමතමිනි.

සමගි ජන බලවේගය හරහා ආරම්භ කරන්නේ අලුත් වැඩපිළිවෙලක් බවත්, ඒ හරහා අලුත් ගමනක් යන බවත් විපක්ෂ නායකවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *