රැකියාවලට බඳවා ගැනීම් තාවකාලිකව නතර කරන්න – මුදල් අමාත්‍යාංශ ලේකම්

රාජ්‍ය හා ඊට අනුබද්ධ ආයතනවලට සියලු බඳවා ගැනීම් තාවකාලිකව අත්හිටුවන ලෙස දන්වමින් භාණ්ඩාගාර ලේකම් හා මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර්. ආටිගල විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇත. ඒ අනුව මෙම චක්‍රලේඛය සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් සභා ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම්වල සභාපතිවරුන් වෙත යවා ඇත.

පුහුණු ශ්‍රමය සැපයීමේ අරමුණින් රජය විසින් බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බළකායක් පිහිටුවීමට තීරණය කර ඇති බවටත් ඒ අනුව සියලුම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ ඒ යටතේ පවතින සියලුම ආයතනවල දැනට පවතින ප්‍රාථමික සේවා ගණයේ පුරප්පාඩු සඳහා බඳවා ගැනීම් නැවත දැනුම් දෙනතුරු අත්හිටුවන ලෙසද චක්‍රලේඛය මගින් වැඩිදුරටත් දැනුම් දී තිබේ.

මේ සඳහා ඇමැති මණ්ඩයේ අනුමැතියද හිමිව ඇති බව පවසන භාණ්ඩාගාර ලේකම්වරයා සෑම ආයතනයකම පසුගිය දෙසැම්බර් 31 වැනි දිනට පවතින පුරප්පාඩු පිළිබඳ වාර්තාවක් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවද දැනුම් දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *