පාර්ලිමේන්තුව විසුරුවා හැරියොත් 70 දෙනෙකුට පමණ විශ්‍රාම වැටුප් අහිමි වේ

වත්මන් පාර්ලිමේන්තුවට අවුරුදු හතරහමාරක් සම්පූර්ණ වී ඇති මේ අවස්ථාව වන විට 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව පාර්ලිමේන්තුව ඕනෑම අවස්ථාවක විසුරවා හැරීමට ජනාධිපතිවරයාට හැකියාව තිබේ.

ඒ ආකාරයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කළහොත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 70 කට ආසන්න ප්‍රමාණයකට විශ්‍රාම වැටුප අහිමි වන බවට වාර්තා වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා හිමිවන විශ්‍රාම වැටුප පනත් කෙටුම්පතකින් සම්මත වී ඇති බවත්, එලෙස විශ්‍රාම වැටුප ලබාදීමට මන්ත්‍රීවරුන් අවුරුදු පහක් සම්පූර්ණ කර තිබිය යුතු බවටත් එම කෙටුම්පතේ සඳහන් වන බවටත් වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *