සමගි ජන බලවේගය'

‘සමගි ජන බලවේගය’ ප්‍රචාරණ කටයුතු සැළසුම් කරයි

විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස සභාපතිත්වය දරණ සමගි ජන බලවේගය ඉදිරි මහ මැතිවරණය සඳහා ලබන සතියේදී සිය ප‍්‍රචාරණ කටයුතු ආරම්භ කරන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර හේෂා විතානගේ පවසනවා.

ඔහු ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වමින් සඳහන් කළේ “සියලු එක්සත් ජාතික පාක්ෂිකයන්ට අපි ආරාධනා කරනවා මේ ජන බලවේගය සමග එකතු වෙන්න කියලා. “ යනුවෙනි.

කෙසේවෙතත් සමගි ජන බලවේගයේ ලකුණ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති අතර අලියා ලකුණ යොදා ගැනීමට නීතිමය ගැටළු මතුවුවහොත් විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා සභාපතිත්වය දරණ සමගි ජන බලවේගය හංසයා ලකුණින් තරග කිරීමට සූදානම් බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලක්‍ෂ්මන් කිරිඇල්ල ඊයේ (15) කියාසිටියේ.

එක්සත් ජාතික පක්‍ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර අකිල විරාජ් කාරියවසම් සඳහන් කළේ ලකුණ සම්බන්ධයෙන් පොදු එකඟතාවකට පැමිණීම සඳහා නීතිඥ කමිටුවකට ද එම කටයුතු භාරදී ඇති බවයි.

එම නීතිමය තත්ත්වයන් පිළිබද අවසන් තීරණය හෙට (17) දිනයේ ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇතැයිද ඔහු සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *