Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

සජිත් පිළ “හදවතින්” තරග කිරීම පිළිබඳ අවසන් තීරණය අද

සජිත් පිළ “හදවතින්” තරග කිරීම පිළිබඳ අවසන් තීරණය අද

“සමගි ජනබලවේගය” නව සන්ධානයෙන් තරග කිරීම පිළිබඳව අවසන් තීරණයක් ගැනීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (14) එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හමුවක් කැඳවා තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ සජිත් පාර්ශ්වය විසින් ‘සමගි ජනබලවේගය’ නමින් සංධානයක් පිහිටුවා ඇති අතර ‘හදවත’ ලකුණින් මහ මැතිවරණයට තරග කිරීම සඳහා තීරණය කර තිබුණ ද ඊට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල බහුතර සාමාජිකයින් එකඟ වූයේ නොමැත. කෘත්‍යාධිකාරී මණ්ඩලය අලියා ලකුණින් තරග කිරීමට තීන්දු කිරීමත් සමග සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසක් ඊයේ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා හමුවී මේ පිළිබඳව සාකච්ඡා කළේය.

එම සාකච්ඡාවට සජිත් ප්‍රේමදාස, කබීර් හෂීම්, රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු පිරිසක් එක්ව සිටි අතර ඔවුන් එහිදී නව සන්ධානය සඳහා අලියා ලකුණ ඉල්ලා සිටිය ද ඊට රනිල් වික්‍රමසිංහ මහතාගේ එකඟත්වය පළවූයේ නොමැත.

ඒ වෙනුවට එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණින් තරග කරන ලෙස රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කර ඇති අතර ඒ සඳහා පක්ෂයේ මහලේකම් ධූරය ජෝන් අමරතුංග හෝ දයා පැල්පොල වැනි ජ්‍යෙෂ්ඨයෙකුට ලබාදීමට හැකියාව ඇති බව ද රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ.

කෙසේ වෙතත් මේ උද්ගත වී ඇති තත්ත්වය සම්බන්ධයෙන් සජිත් පාර්ශ්වයේ පිරිස් විපක්ෂ නායක කාර්යාලයේදීත්, රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වයේ පිරිස් සිරිකොත මන්දිරයේදීත් මාධ්‍ය හමු පවත්වා කරුණු පැහැදිලි කළේය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *